Gindari 3 (2020) Sinhala Movie Trailer

 


ටිකිරි හෙවත් ගින්දරි යනු මනුෂ්‍ය වේශයෙන් සිටින අමනුෂ්‍ය ගැහැණියකි. බන්ටි ඇගේ සැමියා වන අතර අසාමාන්‍ය බලයක් ඇති සුපිරි ඔවුන්ගේ පූතා වේ. මනුෂ්‍ය ලෝකයේ ඔවුන් ඉතා සතුටින් කල් ගෙවන අතර බන්ටි පුවත්පත් කාර්යාලයක ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කරයි. දිනක් අහම්බෙන් බන්ටිට තම පැරණි මිතුරා වන ලැන්ටි මුණ ගැසෙන අතර ඔහු සමග යළි සබඳතා පවත්වන්නට පටන් ගනි.
තවත් දිනෙක බන්ටි තම පුතා සමඟ මෝටර් බයිසිකලයෙන් යන විට දී මැරයන් පිරිසක් විසින් මහ මග සිදු කරන මංකොල්ලයක් අහම්බෙන් දැක එය ඡායාරෑප ගත කරයි. පසුව එම මැරයෝ බන්ටි හා ඔහුගේ පුතා අල්ලා ගැනිමට උත්සහ දරති.
මේ අතර අමනුෂ්‍ය කාන්තාවන් කිහිපදෙනෙකු මිනිස් ලෝකයට පැමිණෙන්නේ ඔවුන්ගේම රැහේ අයකු වන ටිකිරිගේ පුතණුවන් සුපිරි තම ලෝකයට රැගෙන යාමටය. ටිකිරි, බන්ටි හා සුපිරි, දාමරිකයන්ගෙන් හා යක්ෂණියන්ගෙන් ගැලවීමට දරන්නේ අපමණ උත්සාහයකි. ඒ සදහා ඔවුන්ට මනුෂ්‍යවේශයෙන් මෙලොවට වැඩ සිටින දෙවිවරුන් දෙදෙනෙකුගේ ද සහායක් ලැබේ. අවසානයේදි සියල්ලන් අතර සිදුවන්නේ මාරක සටනකි.
👇👇 ගින්දරී 3 පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න 👇👇



Post a Comment

0 Comments